වැඩ බැරි ළමයි ?
වැඩ බැරි ළමයි ?
මම අද කතා කරන්න යන්නේ ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. මේක ඇත්තටම අපේ සමාජයෙන් වෙන වැරදි දෙයක් විදියට මන් දකින්නේ... ඇත්තටම ඉගෙන ගන්න බැරි ළමයෙක් ඉන්න පුලුවන්ද ? මගේ මතයනම් එහෙම කෙනෙක් ඉන්න විදියක් නැහැ.
මම කතාකරන්නේ මානසිකව හෝ කායිකව ප්‍රශ්න තියන ළමයින් ගැන නෙවෙයි, අපේ පාසල් වල පන්ති වල අපිට හමු වෙන වැඩ කරන්නේ නැහැ වැඩ බැහැ කියල වෙන් කරලා කතා කරන ළමයින් ගැන. මේක කියවන ඔබත් ඒ කෙනෙක්නම් මේක ඔයාට ගොඩක් වැදගත් වෙයි, ඒ නැතත් මේකෙන් කියැවෙන දේවල් හැම කෙනෙක්ම හොඳට හිතට ගන්න.
අපි ඉගෙන ගන්න පටන් ගත්තේ අපි ඉපදුන දවසේ ඉදලමයි, පොඩිම කලේ අපි සන්නිවේදනය කරන්න කටහඩ, එක එක සද්ද යොදගත්ත, ඇස් දෙකෙන් හොඳට බැලුව කන් දෙකෙන් හොඳට ඇහුව , ඔන්න ඊට පස්සේ සන්නිවේදනයේ පලවෙනි පියවර එහෙමත් නැත්තම් අම්ම තාත්තා කියල කතාකරන්න පටන් ගත්තා.
මෙහෙම බලද්දී ඔයාලටම තේරෙනවා අපිට හැමදෙයක්ම ඉගැන්නුවේ නැහැ, අපි කලේ පන්චේන්ද්රයන්ගෙන් ආදාන ලබා ගත්ත ඒවා සැකසුමක් කරලා ඒවාට ප්‍රතිදාන ලබා දෙන්න පටන් ගත්තා. හැබැයි අපි වයසින් මුහුකුරා යද්දී අපේ හැදුනු වැඩුනු පරිසරය වෙනස් වෙන්න ගත්තා, අපිට මුහුණ දෙන්න උනේ හාත්පසින්ම වෙනස් පරිසරයකට.පාසැල් අධ්‍යාපනය තුල අපිට අලුත් විෂය කරුණු ගොඩක් මුණ ගැහුනා.
ඔන්න ඔතනදි තමයි පළවෙනියටම වැරද්දක් සිද්ද උනේ... එක වැරැද්දකට වඩා අනවබෝදයක් කිව්වොත් හරි, එක එක ළමයින්ගේ ධාරණ ශක්තිය ධාරණ ක්‍රමය ගොඩක් වෙනස් , ආවේනිකයි වගේ තමා. මේ දේ හරියට අදුරගත්තේ නැත්තම් අධ්‍යාපන කටයුතු වලින් ළමයෙක්ව මග ඇරෙන්න පුළුවන්.ඒක ගුරුවරයාගේ පැත්තෙන් වෙන වැරද්දක් කියන්නත් බැහැ , මොකද ළමයාගේ උනන්දුව මත මේ හැමදෙයක්ම වෙනස් කරන්න පුලුවන්.මේ හේතුව නිසා ළමයෙක් ගොඩක් දුරට වැඩ කරන්න බැරි කෙනෙක් කියන තරමටම පසුබහින්න පුලුවන් .මේකට විවිධ හේතු තියෙන්න පුලුවන්.
පාඩමට රුචියක් නැති බව , කොටසක් මග ඇරීම නිසා ඉදිරියට පාඩම තෙරුන් ගත නොහැකි වීම , උවමනාවක් නොමැති වීම වගේම තමා තරුණ වියේ පසුවන කෙනෙක්ට ඇතිවෙන්න පුලුවන් මානසික තත්ව.
පාඩමට රුචියක් නැති කෙනෙකුට කරන්න පුලුවන් ලේසිම දෙයක් තමයි ඒ පාඩමේ තමන් කැමති පොඩි කොටසක් හරි හොයාගෙන එදෙයින් රුචියක් ඇති කරගෙන පාඩම අවබෝද කරගන්න උත්සහ කරන එක...
උදාහරණයක් විදියට ගණිතය පාඩමක් හිතමු , කරන්න පුලුවන් ලේසිම දෙයක් තමයි පාඩමේ තියන මූලික ඒකක ගැන හොයල බලන එක , ඊට පස්සේ ඒ පාඩමේ තියන පරිවර්තන ගැන හොයල බලන එක, මේ දේවල් කරලා කරලා සැහීමකට පත් උනාම ඔබට ඉතුරු වෙන්නේ හිතන්න සහ සුලුකරන්න විතරයි...පාඩමක කොටසක් මග ඇරුනොත් කරන්න පුලුවන් දෙයක් විදියට ස්වයං අධ්‍යයනයක් කරන එක, තමන්ගේ උවමනාව හා කැපවීම මත මේක ගොඩක් සාර්ථක ක්‍රමයක් කරගන්න පුලුවන්.
උවමනාවක් නොමැති කෙනෙක්නම්, ඔබ තමන්ගේ දෙමව්පියන් තමන් ගැන බලයි යන අදහසින් ඉන්නවනම් වහාම නවත්වන්න. මොකද ඔබගේ ජීවිතයේ කුමක් හෝ සැලසුමක් ඇති , ඒ සැලසුම් වල අංක 1 දෙමව්පියන් කියන එක අතහරින්න තමන්ගේ මාර්ගය 1 එක සැලසුම කරගෙන අංක 2 හෝ 3 දෙමව්පියන් කරගන්න, මා අදහස් කරන්නේ දෙමව්පියන්ගෙන් උදව් අවශ්‍ය අවස්ථාවක් උවහොත් පමණක් එය ඉෂ්ට කරගන්න.
ඔබ තරුණ වියේ පසුවන්නේක්න්ම් හොඳින් සිතා මතා කටයුතු කරන්න, හිතත් මොළයත් එකම මාර්ගයේ හෝ මොළයේ පාලනය යටතේ හිත රැගෙන යන්න... කිසි දිනක හිතේ පාලනය යටතේ මොලය රැගෙන නොයන්න...
මත පල කිරීම් මගේ දැනුම් පරාස තුල පමණක් සිදු වී ඇති බව සලකන්න.මෙම ලිපිය ඔබට උපකාරී දෙයක් වූවානම් ඔබේ අදහස් යොමු කරන්න, තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු.
❤SHAK FAQ'S❤

It is worth for everyone
ReplyDelete❤️🤘
ReplyDelete