යටහත් පහත් භාෂාවක් ?
යටහත් පහත් භාෂාවක් ?
ඇත්තටම අද මම කතා කරන්න යන දේ ගැන කිසිම කෙනෙක්ට අදහසක් නැතුව ඇති.මේ "යටහත් පහත් භාෂාවක්" කියන නම ගැලපෙනවද නැද්ද කියල මම දන්නැහැ , ඒ මොකද "Subliminal Language" යන ඉංග්‍රීසි පදය සිංහලට පරිවර්තනය කරාම ආව පරිවර්තනය මන් මෙහිදී පාවිච්චි කළා.
ඇත්තටම මොකක්ද මේ යටහත් පහත් භාෂාව ? සරලවම කිව්වොත් මන් දන්නා පරිදි යම් දෙයක් සගවා කීම, අදහසක් ප්‍රකාශ කිරීම වැනි දෙයක්. කට වහරට අපි වහෙන් ඔරෝ භාෂාවෙන් කියනවා කියන්නේ...අන්න ඒ වගේ දෙයක් තමයි මේකත්.
මොහොතක් හිතන්න කිසියම් හෙයකින් කිසියම් හෝ කණ්ඩායමක් මේ ලෝකය පාලනය කරනවා කියා.ඔවුන් කිසියම් හෙයකින් ඉදිරිය ගැන අප හට අනාවැකි කීමට උත්සහ කරනවා කියල...එහෙමත් නැත්තම් අනතුරු ඇගවීමක් කරනවා කියල.
අන්න එහෙම වෙච්ච සිදුවීම් කිහිපයක් හා ඒවායෙහි සත්‍යතාවය පිළිබද මා දරන මතය මෙහිදී මන් කියන්නම්.
අප සියල්ලන් වගේම කුඩා දරුවන්ගේ හැසිරීම් රටා ඔවුන්ගේ රුචි අරුචිකම් හොදින් නෙත ගැටී ඇත. ඔවුන්ගේ අනුකරණය කිරීම් වැනි දෑ ඉතාමත් විශ්මයජනකය. බොහොමයක් දරුවන් කාටූන් චිත්‍රපට නරබති. එසේ දෙමව්පියන්ගේ නෙත නොගැටෙන අවදානය යොමු නොවන දෙයක් හරහා යම් පණිවිඩයක් දිය හැකිද ? එමගින් දරුවන්ගේ මනස විකුර්ති කල හැකිද ? ඔවුන්ට ඒවා හසුවනවා ඇතිද ? අපි බලමු ඒ ගැන...
90 දශකයේ රුපවාහිනි තිරගත වූ SIMPSONS කාටූනය එවැනි පණිවුඩ කිහිපයක් සමග තැනුණු කතාවකි.
1997 තිරගත වුනු එක් පරිච්ඡේදයක රෝගීව පසුවන තම දරුවා ලගට මව පැමිණෙන්නේ පොතක්ද අතැතිවය. එය එම රෝගය පිළිබද පොතක් වීමට ඉඩ ඇත.
තවද එය 2014 අවුරුද්දේ ලෝකයෙන් තුරන් කිරීමට අපහසු වූ ඉබෝලා වයිරසය පිළීබද අනතුරු ඇගවීමක් වෙන්නට ඇති.
මෙය ඉබේ සිදු වුවක්ද ?
මෙලෙසම 1998 වර්ෂයේ තිරගත වූ කොටසක පෙනෙන්නට තිබුනේ Disney ආයතනය 20th Century Fox ආයතනය මිලට ගෙන ඇති දැන්වීමක චායරුවකි. එහි ඇති සේම 2017 වසරේ Disney ආයතනය 20th Century Fox ආයතනය මිලට ගෙන ඇත.
මෙලෙස ඇමෙරිකානු ජනාදිපති ලෙස Donald Trump පත් වීම , වවීඩියෝ සම්මන්ත්රණ , අතත්‍ය යතාර්ථය(Virtual Reality) වැනි 2005 වර්ෂයේ හා ඉන් පසු සාක්ෂාත් කරගත් විද්‍යාත්මක මත එලෙසින්ම ඒ ආකාරයෙන්ම මෙම කාටුනයේ දක්වා තිබිණි.
මේ ආකාරයට තවත් කාටුන් වල අනාවැකි පල කල අවස්ථා එමටය.
ඔබ අසා දැක ඇති JOHNNY BRAVO කාටුනය.එහිද අමෙරිකා එක්සත් ජනපදයේ නිවුන් කුළුණු(Twin Towers) වලට සිදු වූ ප්‍රහාරය පිළිබද අනාවැකි පල කර ඇත.
මෙවැනි ක්‍රියා කව්රුන් විසින් කරන ලද්දක්ද ? අහුබු සිදුවීම් බවට සිතිය නොහැකිය...
අප දිහා කව්රුන් හෝ බල සිටිනවාද යන්න දැන් ඔබටත් හැඟෙනවා ඇති.
මෙවැනි දේවල් වලට අමතරව දරුවන් අතරේ විවිද නොහික්මුණු ආකාරයේ පණිවිඩ දීමටද සමහරක් චිත්‍රපටි යොදාගෙන ඇත.ඇයි මේ සදහා කුඩා දරුවන්ගේ චිත්‍රපට යොදාගන්නේ ?
මාගේ මතය නම් අපට නොහැඟෙන යම් දෙයක් කුඩා දරුවන් එය තුල දකිනවාවත්ද යන්නයි ?
අපි මේ ලෝකයේ සිදුවන යම් කිසි පරීක්ෂණයක කොටස් කාරයින්ද ? එහෙමත් නැත්තම් නව ලෝක නියෝගයක් ක්‍රියාත්මක වනවාද යන්න මාගේ මතයයි. මා පළමු ලිපියේ පැවසුවා මෙන්ම මේ සඳහා Illuminati සම්බන්ද පැතිකඩක් ඇති බව හැගී යයි.
ඒ පිලිබදව මාගේ මතය ඉදිරි දිනයකදී ලිපියක් මගින් පෙන්වා දීමට කැමැත්තෙමි.මෙහි ඇති කරුණුද මා හුදෙක් මුලාශ්‍රයන්ගෙන් සොයාගත් කරුණු වන අතර මත පල කිරීම් මගේ දැනුම් පරාස තුල පමණක් සිදු වී ඇති බව සලකන්න. මෙවැනි හේතුන්ට සාදක ඔබ දන්නවනම් පවසන්න. තවත් මෙවැනිම ලිපියකින් මුණ ගැහෙමු.
❤SHAK FAQ'S❤




Thawa detdetai one
ReplyDeleteSuperb ...
ReplyDeleteNiyami..👍
ReplyDelete👌
ReplyDeletesuperb.. shehan aeyee
ReplyDelete👍👍👍
ReplyDelete