අපට ඇයි බෝධියක් ?
අපට ඇයි බෝධියක් ?
ඇත්තටම අපිට බෝධියකින් පිහිටක් තිබේද? ඔබට හිතෙන්නේ කුමක්ද ? මා දරන මතය අනුවනම් එයට පිළිතුර ඔව් යන්නයි. මා මෙහිදී සොයා බැලීමට යන සියලු කරුණු කිසියම් විද්‍යාත්මක පදනමක් මත සිතා බලා ඇති වූ හුදෙක් ගැටලුවලට පිළිතුරු සෙවීමක් හා මාගේ මතය පළකිරීමක් පමණක් බව සලකන්න.
මුලින්ම අපි මෙහෙම හිතමු, බෝධියක් ඒ කියන්නේ කිසියම් ශාකයක් හරහා යම් මානසික සුවයක් ලබා ගත හැකිද ? එය ඔබත් මමත් අත්දැකීමෙන්ම දන්නා කරුණකි.ඇත්තටම පිළිතුර ඔව්. මා විශ්වාස කරන පරිදි අප සියල්ලන්ම බෝ සමිදුන්ගේ සිසිල විදීමට කැමතිය.ඒ දැනෙන මානසික සුවය අතිමහත්ය.
නමුත් කෙදිනක හෝ ඔබ සිතුවාද මෙවැනි මානසික සුවයක් අනෙක් ශාකයක් හමුවේ ලබා ගත නොහැකි වන්නේ ඇයි කියා.කුමක්ද බුදුරදුන් බෝ ශාකය තම බුදුවීම කරා යන ගමනට යොදාගැනීමට හේතුව ? සිතා බලන්න...
මා හට හැඟෙන පරිදි මෙහි කිසියම් විශේෂත්වයක් එනම් අපගේ නෙත් මානයෙන් එහා ගිය ශක්ති සම්බන්දයක් ඇති බවයි. ඉතා සරලව ගත් කල ඕනෑම ශාකයක් ප්‍රභාසංස්ලේෂණය කරන බව අප දන්නා කරුණකි.
මේ ස්වාභාවදර්මයේ නිර්මාණයන් කෙතරම් විශ්මිතද කියා සිතෙන කරුණක් මා පවසන්නම්.ප්‍රථමයෙන් අප ප්‍රභාසංස්ලේෂණයේ සිදුවන ක්‍රියාවලිය පිළිබඳව අවබෝදයක් ලබාගනිමු.
ප්‍රධාන ක්‍රියාවලියක් ලෙස ප්‍රභාසංස්ලේෂණයේදී සිදුවන්නේ හරිත ශාකයක් හිරු එලිය හමුවේ කාබ්න්ඩයෝක්සයිඩ් හා ජලය උපකාර කරගනිමින් ඔක්සිජන් හා ග්ලුකෝස් යන අතුරුපල සෑදීමයි.
එසේනම් ශාක පත්‍රයක් තුලදී කාබන්ඩයොක්සයිඩ් විඝටනය කර කාබන් හා ඔක්සිජන් අනු එකිනෙකට වෙන් කරන බව පැහැදිළිය. ඒ සදහා සියලුම ශක්තිය ලබන්නේ සූර්යලොකයෙන්ය.එනම් මෙම ශාක තුල සූර්ය ශක්තිය ගබඩා වන බව පැහැදිලිය.
මොහොතක් හිතන්න අප කාර්මිකව එම ක්‍රියාවලිය(කාබන්ඩයෝක්සයිඩ් වලින් කාබන් සහ ඔක්සිජන් වෙන්කිරීම) සිදු කලේ නම් කෙතරම් විශාල වශයෙන් එම ක්‍රියාවලිය සඳහා ශක්තියක් අප නිපදවිය යුතුද?නමුත් ඉතා කුඩා ශාක පත්‍රයක් තුල මෙම ක්‍රියාවලිය සිදු වෙයි.
නමුත් දැන් ඇති වන ගැටලුවනම් සියලුම ශාකයන් සතුව මෙම ශක්තිය තිබීමයි.
තවත් සිතන්න කුමක්ද බෝ ශාකයේ තිබෙන්නට ඇතයි සිතන විශේෂත්වය.
මා හට හැඟෙන පරිදි එය එම ශාක පත්‍රයේ හැඩය සමග යම් සබදතාවක් ඇති බවයි. මා ඉහත පැවසු පරිදි මෙම පත්රයන් තුල ගබඩා වන සූර්ය ශක්තිය යම් කිසි මාර්ගයකින් පිට විය යුතුය.
මෙලෙස සිතමු, ශාක පත්‍රය තුල ගබඩා වී ඇති ශක්තිය එහි අග්‍රය හමුවේ පිටතට විහිදී යයි.නමුත් බොහොමයක් ශාක වල උල් වූ අග්‍රයන් පිහිට ඇත,
එසේනම් කුමක්ද මෙයට හේතුව... මා හට දැනෙන හැඟෙන අයුරින් මෙයට හේතුව බෝ පත්‍රයේ හැඩයයි.
එහි ශීර්ෂය ඉතා දිගු ලෙස පිහිටා ඇති බැවින් එම ශක්තීන් පිටතට පැමිණීමේදී ක්‍රමයෙන් තීව්ර විය හැකිය.
එවැනි ශක්ති විශේෂයක් තිබේනම් එහි තීව්‍රතාවය වැඩි නිසා අප හට කල හැකි බලපෑමද ප්‍රබල විය හැකිය.මාගේ මතයනම් මෙම කරුණු පදනම් කොටගෙන බෝධියක් හමුවේ අප හට මානසිකව හා ශාරීරිකව ලබා ගත හැකි ඒ ප්රබෝධමත්බාවය අතිමහත් බවයි.
එනම් බෝධියක් වටා පැදකුණු කරමින් වන්දනා කිරීම මෙන්ම බෝ සෙවනේ රැදෙමින් එම ශක්තින් හමුවේ නිරාවරණය වෙමින් ලබාගන්නා සුවයද සැලකියයුතු සාර්තකබාවයකින් යුක්ත බව හැඟේ.
අවසන් වශයෙන් මාගේ මතයද පසෙකලීමට සිදුවන කරුණක් ඇත.එයනම් මින් පෙර විසු අටවිසි බුදුවරුන් තම බුදු වීම තෙක් සෙවන ලද්දේ විවිද බෝධි මූලයන්ගේ වීමයි. එසේනම් එය කෙසේ විය හැකිද?
මාගේ දැනුම් පරාසය තුල ඇති සියල්ල මෙහි මා ලියා ඇත. ඔබට හිතෙන කරුණු පවසන්න.මෙම ගැටලු වලට පිළිතුරක් තිබේනම් පවසන්න. තවත් මෙවැනි ලිපියකින් මුණගැහෙමු.
❤ SHACK FAQ'S ❤



Great one 🔥
ReplyDeleteGreat idia....
ReplyDeleteMachn mathu buduwana maithri budu hamuduruwo buduweemata padaka kara ganne na gahak neda bn?
Patta bro
ReplyDeleteNiyamai bn
ReplyDelete