පරිනාමවාදය ඇත්තක්ද ?

පරිනාමවාදය ඇත්තක්ද ?

ඇත්තටම අපි  පරිනාමවාදයේ පියා ලෙස හදුන්වන්නේ චාර්ල්ස් ඩාවින් කියන ස්වභාව එහෙමත් නැත්තම් පරිසර විද්යාඥයා.ඔහුගේ පරිනාමවාදය පිලිබඳ මතය හරිද ? වැරදිද ?         
                                   

ඔබට හිතෙන්න මොකක්ද ? ඔබත් මේ ගැන උනන්දුවක් තියන කෙනෙක් වෙන්නම ඕන මෙතන රැදිලා මේ ටික කියවන්න.ඉතින් වැඩි කතා නැතුව අපි මේ ගැන දන්නා දේවල්,මගේ හිතේ තියන ලොකු ප්‍රශනයක් වෙලා තියන හැමදෙයක්ම මන් කියන්නම් ඇත්ත මොකක්ද කියලා අපි බලමු.

චාර්ල්ස් ඩාවින් කියන ඒ ශ්‍රේෂ්ට විද්යාඥයා මේ ගැන ලොකු සංකල්පයක් ලැබුණු වගේම ගහනය, ස්වභාවික වරණය, පාරිසරික වෙනස්වීම් කියන විෂයන් ගැනත් ලොකු අවබෝදයක් ලැබුන අවස්තාවක් විදියට
එතුමන් Galapagos දිවයිනෙන් ලබාගත් අත්දැකීම් ගැන කියන්න පුළුවන්. 

මේ පටන් ගන්න හදන කතාව ටිකක් දිග එකක් වෙන්න පුලුවන් ,මගේ හිතේ තියන හැම ප්‍රශ්නයක්ම, සැකයක්ම මන් කියන්නම්.

ස්වභාවික වරණය  කියන දේ තේරුම සරලව මන් දන්නා විදියට කිව්වොත් එක පරිසරය විසින් ජීවීන්ගේ පැවැත්මට කරන බලපෑමක් කිව්වොත් හරි කියල හිතනවා.ඩාවින් ඒ දිවයිනේ ගත කරපු කාලයේ දැක්ක එක දෙයක් තමා ඒ පරිසරයේ ජීවත් උන ජිරාෆ් සතුන්ගේ වර්ධන අවදියන්, හැසිරීම් රටා වගේ නිර්ණායක.

ඩාවින් දැක්ක එක දෙයක් තමා ඒ සමහරක් ජිරාෆ් සතුන්ගේ ගෙල එහෙමත් නැත්තම් බෙල්ල දිගින් අඩු විශේෂයන් පැවතීම.එය විකුර්තින් ඇතිවීමක් එනම් ස්වභාවික වරණය අදාල එක පැතිකඩක් කියන්න පුලුවන්. 

සරලවම කිව්වොත් ඒ විකුර්ති ජීවීන්ට අනිත් ජීවින් හා සමානව තම අවශ්‍යතාවයන් සපුරා ගන්න බැරි වීම ගැටළුවක් උනා, ඒ මොකද අනිත් ජීවීන් තම ආහාර වශයෙන් සියලුම ගස් කොළන්(තමාට ලග විය හැකි අවකාශයේ ඇති) ආහාරයට ගෙන තිබුණා.නමුත් අර විකුර්ති ජීවීන්ට එක ලොකු ගැටළුවක් උනා වගේම අහාර ලබා ගත හැකි උසවල් වලට ලගා වීමට නොහැකි උනා.ඉතින් එම ජීවීන් නිරාහාරව සිටිමින් මියැදෙන්නට උනා. 

මොහොතක් හිතන්න සියලුම විලොපික සත්වයන් මරා දැමුවොත් පාරිසරික සමතුලිත තාවයට සිදුවන බලපෑම. එවිට ශාක භක්ෂකයන්ගේ වර්ධනය සීඝ්‍ර වීම නිසා මේ මිහි තලය ක්ෂේම භුමියක් වීමට පවා ඉඩ ඇත.
චාර්ල්ස් ඩාවින් මේ සොයාගත් සංකල්පය මත ඔහුගේම මතයක් (DARWINISM) නිමැවිය. ස්වභාවික වරණය යන්න එම මතය තුල ඇතුලත් විය.




තවද ඩාවින් විසින් මෙම දිවයිනෙහි සිටින Finches නමැති කුරුළු වර්ගයක් හමුවේ සිදු කල නිරීක්ෂනයකදී පෙනී ගියේ දිවයිනේ සිටින එකම ප්‍රභේධයේ පක්ෂීන් හට විවිධ වෙනස්කම් වලින් යුත් ශාරීරික අංග පිහිටා ඇති බවයි.එයට හේතුව ලෙස ඔහු දකින්නට උනේ එම ප්‍රබේධ සැරිසරන පාරිසරික තත්වයන්ය.එම වෙනස් වීම් අතර හොටේ හැඩය, හිස සහ ශරීර ප්‍රමාණය ඇතුලත් විය.


මේ ආකාරයට විශාල වශයෙන් පැතිරුණු අවකාශයක් තුළ ඩාවින්ගේ සොයාගැනීම් විශිෂ්ටය.එනමුත් මෙම පරිනාමවාදය පිළිබඳ තවමත් සැක සහිත කරුණු මා හට මෙන්ම ඔබ හට ඇති බවද විශ්වාසය.

අප පරිනාමය වුයේ වානරයගෙන්ද? 

අපේ පරිනාමය සිදු වුයේ වානරයා එනම් හුදෙක් වඳුරා ගෙන් යි පැවසේ.වදුරා ඒ අවදිය කරා පරිනාමය වුයේ මුහුදු පත්ලේ සිට කෙමෙන් කෙමෙන් පරිනාමය වෙමින් ආ ජීවියෙකුගෙන් යැයි පැවසේ, එය කෙසේ වෙතත් වදුරා ජීවත් වූ අවදියේ වෙනත් සතුන් සිටියේ නැතිද?

 ඔව් ඒ කාලයේත් වෙනත් ආකාර වල සතුන් ඉන්නට ඇත.මා හට ඇති පැනය නම් එම සතුන් පරිනාමය නොවුයේ ඇයිද යන්නයි.තවද අප මෑත කාලයේ දකින චිම්පන්සියා වැනි උසස් බුද්ධිමත් සතුන් පාරිනාමය නොවන්නේ කිනම් හේතුවක් නිසාද?

ඔබ දන්නවාද අප පරිනාමීය අවදියේ සිටි සීලකාන්ත් යන මත්සයා දැනටද පසිෆික් සාගරයේ වෙසෙන බව ?



ඔබ දන්නවාද ඩොල්පින් මත්සයාට ඇත්තේ මිනිස් මොලය හා සමාන විශාලත්වයකින් යුත් මොළයක් බව, එසේනම් ඇයි ඩොල්පින් මත්සයින් පරිනාමය නොවන්නේ ? වදුරා අභිබවා පරිනාමය නොවුනේ ?

පුර පුරා නැගෙන මෙවැනි ප්‍රශ්න ඔබටත් ඇති, ඒ හැම ප්‍රශ්නයක්ම යොමු කරන්න. දන්න අය  පිළිතුරු කියන්න.

අවසානය වශයෙන් මා හට හැඟෙන පරිදී අප නොසිතු පරාසයක සිදු වන පරීක්ෂණයක කොටසක්ද විය හැක.

එයට හේතුව වෙනත් ලිපියකින් කතා කරන අරමුණින් මන් සමු ගන්නවා , ඒ මොකද ඉදිරියට යත්ම නැගෙන ප්‍රශ්න හා බලන කල ඉලුමනාදය එනම් Illuminati යනන්නෙහි සම්බන්දයක් මේ හා ඇති බව හැගේ. මෙය මා හට ඇති දැනුම පරාසය බැවින්සි දු වී ඇති අඩුපාඩු ඇත්නම් ඒවා පෙන්වා දෙන්න. තවත් මෙවැනි ලිපියකින් මුණ ගැහෙමු.

                                                                                                                           ❤ SHAK FAQ'S ❤
                                                                                                                  

Comments

Post a Comment

Popular posts from this blog

අපට ඇයි බෝධියක් ?

යටහත් පහත් භාෂාවක් ?