Posts

වැඩ බැරි ළමයි ?

Image
වැඩ බැරි ළමයි ?     මම අද කතා කරන්න යන්නේ ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. මේක ඇත්තටම අපේ සමාජයෙන් වෙන වැරදි දෙයක් විදියට මන් දකින්නේ... ඇත්තටම ඉගෙන ගන්න බැරි ළමයෙක් ඉන්න පුලුවන්ද ? මගේ මතයනම් එහෙම කෙනෙක් ඉන්න විදියක් නැහැ. මම කතාකරන්නේ මානසිකව හෝ කායිකව ප්‍රශ්න තියන ළමයින් ගැන නෙවෙයි, අපේ පාසල් වල පන්ති වල අපිට හමු වෙන වැඩ කරන්නේ නැහැ වැඩ බැහැ කියල වෙන් කරලා කතා කරන ළමයින් ගැන. මේක කියවන ඔබත් ඒ කෙනෙක්නම් මේක ඔයාට ගොඩක් වැදගත් වෙයි, ඒ නැතත් මේකෙන් කියැවෙන දේවල් හැම කෙනෙක්ම හොඳට හිතට ගන්න.            අපි ඉගෙන ගත්තේ කොහොමද ? හැම දෙයක්ම අපිට ඉගැන්නුවද ? ඇයි ඉගෙන ගන්න බැරි උනේ ? මේ හැම දේකටම පිළිතුරක් මම දෙන්නම්... අපි ඉගෙන ගන්න පටන් ගත්තේ අපි ඉපදුන දවසේ ඉදලමයි, පොඩිම කලේ අපි සන්නිවේදනය කරන්න කටහඩ, එක එක සද්ද යොදගත්ත, ඇස් දෙකෙන් හොඳට බැලුව කන් දෙකෙන් හොඳට ඇහුව , ඔන්න ඊට පස්සේ සන්නිවේදනයේ පලවෙනි පියවර එහෙමත් නැත්තම් අම්ම තාත්තා කියල කතාකරන්න පටන් ගත්තා. මෙහෙම බලද්දී ඔයාලටම තේරෙනවා අපිට හැමදෙයක්ම ඉගැන්නුවේ නැහැ, අපි කලේ පන්චේන්ද්රයන්ගෙ...

යටහත් පහත් භාෂාවක් ?

Image
යටහත් පහත් භාෂාවක් ? ඇත්තටම අද මම කතා කරන්න යන දේ ගැන කිසිම කෙනෙක්ට අදහසක් නැතුව ඇති.මේ "යටහත් පහත් භාෂාවක්" කියන නම ගැලපෙනවද නැද්ද කියල මම දන්නැහැ , ඒ මොකද "Subliminal Language" යන ඉංග්‍රීසි පදය සිංහලට පරිවර්තනය කරාම ආව පරිවර්තනය මන් මෙහිදී පාවිච්චි කළා. ඇත්තටම මොකක්ද මේ යටහත් පහත් භාෂාව ? සරලවම කිව්වොත් මන් දන්නා පරිදි යම් දෙයක් සගවා කීම, අදහසක් ප්‍රකාශ කිරීම වැනි දෙයක්. කට වහරට අපි වහෙන් ඔරෝ භාෂාවෙන් කියනවා කියන්නේ...අන්න ඒ වගේ දෙයක් තමයි මේකත්.                                                                      මොහොතක් හිතන්න කිසියම් හෙයකින් කිසියම් හෝ කණ්ඩායමක් මේ ලෝකය පාලනය කරනවා කියා.ඔවුන් කිසියම් හෙයකින් ඉදිරිය ගැන අප හට අනාවැකි කීමට උත්සහ කරනවා කියල...එහෙමත් නැත්තම් අනතුරු ඇගවීමක් කරනවා කියල. අන්න එහෙම වෙච්ච සිදුවීම් කිහිපයක් හා ඒවායෙහි සත්‍යතාවය පිළිබද මා දරන මතය මෙහිදී මන් කියන්නම්. ...

අපට ඇයි බෝධියක් ?

Image
අපට ඇයි බෝධියක් ? ඇත්තටම අපිට බෝධියකින් පිහිටක් තිබේද? ඔබට හිතෙන්නේ කුමක්ද ? මා දරන මතය අනුවනම් එයට පිළිතුර ඔව් යන්නයි.    මා මෙහිදී සොයා බැලීමට යන සියලු කරුණු කිසියම් විද්‍යාත්මක පදනමක් මත සිතා බලා ඇති වූ හුදෙක් ගැටලුවලට පිළිතුරු සෙවීමක් හා මාගේ මතය පළකිරීමක්  පමණක් බව සලකන්න . මුලින්ම අපි මෙහෙම හිතමු, බෝධියක් ඒ කියන්නේ කිසියම් ශාකයක් හරහා යම් මානසික සුවයක් ලබා ගත හැකිද ? එය ඔබත් මමත් අත්දැකීමෙන්ම දන්නා කරුණකි.ඇත්තටම පිළිතුර ඔව්. මා විශ්වාස කරන පරිදි අප සියල්ලන්ම බෝ සමිදුන්ගේ සිසිල විදීමට කැමතිය.ඒ දැනෙන මානසික සුවය අතිමහත්ය. නමුත් කෙදිනක හෝ ඔබ සිතුවාද මෙවැනි මානසික සුවයක් අනෙක් ශාකයක් හමුවේ ලබා ගත නොහැකි වන්නේ ඇයි කියා.කුමක්ද බුදුරදුන් බෝ ශාකය තම බුදුවීම කරා යන ගමනට යොදාගැනීමට හේතුව ? සිතා බලන්න... මා හට හැඟෙන පරිදි මෙහි කිසියම් විශේෂත්වයක් එනම් අපගේ නෙත් මානයෙන් එහා ගිය ශක්ති සම්බන්දයක් ඇති බවයි. ඉතා සරලව ගත් කල ඕනෑම ශාකයක් ප්‍රභාසංස්ලේෂණය කරන බව අප දන්නා කරුණකි. මේ ස්වාභාවදර්මයේ නිර්මාණයන් කෙතරම් විශ්මිතද කියා සිතෙන කරුණක් මා පවසන්නම්....

පරිනාමවාදය ඇත්තක්ද ?

Image
පරිනාමවාදය ඇත්තක්ද ? ඇත්තටම අපි  පරිනාමවාදයේ පියා ලෙස හදුන්වන්නේ චාර්ල්ස් ඩාවින් කියන ස්වභාව එහෙමත් නැත්තම් පරිසර විද්යාඥයා.ඔහුගේ පරිනාමවාදය පිලිබඳ මතය හරිද ? වැරදිද ?                                               ඔබට හිතෙන්න මොකක්ද ? ඔබත් මේ ගැන උනන්දුවක් තියන කෙනෙක් වෙන්නම ඕන මෙතන රැදිලා මේ ටික කියවන්න.ඉතින් වැඩි කතා නැතුව අපි මේ ගැන දන්නා දේවල්,මගේ හිතේ තියන ලොකු ප්‍රශනයක් වෙලා තියන හැමදෙයක්ම මන් කියන්නම් ඇත්ත මොකක්ද කියලා අපි බලමු. චාර්ල්ස් ඩාවින් කියන ඒ ශ්‍රේෂ්ට  විද්යාඥයා ට  මේ ගැන ලොකු සංකල්පයක් ලැබුණු වගේම ගහනය,  ස්වභාවික වරණය,  පාරිසරික වෙනස්වීම් කියන විෂයන් ගැනත් ලොකු අවබෝදයක් ලැබුන අවස්තාවක් විදියට එතුමන්  Galapagos  දිවයිනෙන් ලබාගත් අත්දැකීම් ගැන කියන්න පුළුවන්.  මේ පටන් ගන්න හදන කතාව ටිකක් දිග එකක් වෙන්න පුලුවන් ,මගේ හිතේ තියන හැම ප්‍රශ්නයක්ම, සැකයක්ම මන් කියන්නම්. ස්වභාවික වරණය  කියන ...