වැඩ බැරි ළමයි ?
වැඩ බැරි ළමයි ? මම අද කතා කරන්න යන්නේ ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. මේක ඇත්තටම අපේ සමාජයෙන් වෙන වැරදි දෙයක් විදියට මන් දකින්නේ... ඇත්තටම ඉගෙන ගන්න බැරි ළමයෙක් ඉන්න පුලුවන්ද ? මගේ මතයනම් එහෙම කෙනෙක් ඉන්න විදියක් නැහැ. මම කතාකරන්නේ මානසිකව හෝ කායිකව ප්‍රශ්න තියන ළමයින් ගැන නෙවෙයි, අපේ පාසල් වල පන්ති වල අපිට හමු වෙන වැඩ කරන්නේ නැහැ වැඩ බැහැ කියල වෙන් කරලා කතා කරන ළමයින් ගැන. මේක කියවන ඔබත් ඒ කෙනෙක්නම් මේක ඔයාට ගොඩක් වැදගත් වෙයි, ඒ නැතත් මේකෙන් කියැවෙන දේවල් හැම කෙනෙක්ම හොඳට හිතට ගන්න. අපි ඉගෙන ගත්තේ කොහොමද ? හැම දෙයක්ම අපිට ඉගැන්නුවද ? ඇයි ඉගෙන ගන්න බැරි උනේ ? මේ හැම දේකටම පිළිතුරක් මම දෙන්නම්... අපි ඉගෙන ගන්න පටන් ගත්තේ අපි ඉපදුන දවසේ ඉදලමයි, පොඩිම කලේ අපි සන්නිවේදනය කරන්න කටහඩ, එක එක සද්ද යොදගත්ත, ඇස් දෙකෙන් හොඳට බැලුව කන් දෙකෙන් හොඳට ඇහුව , ඔන්න ඊට පස්සේ සන්නිවේදනයේ පලවෙනි පියවර එහෙමත් නැත්තම් අම්ම තාත්තා කියල කතාකරන්න පටන් ගත්තා. මෙහෙම බලද්දී ඔයාලටම තේරෙනවා අපිට හැමදෙයක්ම ඉගැන්නුවේ නැහැ, අපි කලේ පන්චේන්ද්රයන්ගෙ...