අපට ඇයි බෝධියක් ?
අපට ඇයි බෝධියක් ? ඇත්තටම අපිට බෝධියකින් පිහිටක් තිබේද? ඔබට හිතෙන්නේ කුමක්ද ? මා දරන මතය අනුවනම් එයට පිළිතුර ඔව් යන්නයි. මා මෙහිදී සොයා බැලීමට යන සියලු කරුණු කිසියම් විද්‍යාත්මක පදනමක් මත සිතා බලා ඇති වූ හුදෙක් ගැටලුවලට පිළිතුරු සෙවීමක් හා මාගේ මතය පළකිරීමක් පමණක් බව සලකන්න . මුලින්ම අපි මෙහෙම හිතමු, බෝධියක් ඒ කියන්නේ කිසියම් ශාකයක් හරහා යම් මානසික සුවයක් ලබා ගත හැකිද ? එය ඔබත් මමත් අත්දැකීමෙන්ම දන්නා කරුණකි.ඇත්තටම පිළිතුර ඔව්. මා විශ්වාස කරන පරිදි අප සියල්ලන්ම බෝ සමිදුන්ගේ සිසිල විදීමට කැමතිය.ඒ දැනෙන මානසික සුවය අතිමහත්ය. නමුත් කෙදිනක හෝ ඔබ සිතුවාද මෙවැනි මානසික සුවයක් අනෙක් ශාකයක් හමුවේ ලබා ගත නොහැකි වන්නේ ඇයි කියා.කුමක්ද බුදුරදුන් බෝ ශාකය තම බුදුවීම කරා යන ගමනට යොදාගැනීමට හේතුව ? සිතා බලන්න... මා හට හැඟෙන පරිදි මෙහි කිසියම් විශේෂත්වයක් එනම් අපගේ නෙත් මානයෙන් එහා ගිය ශක්ති සම්බන්දයක් ඇති බවයි. ඉතා සරලව ගත් කල ඕනෑම ශාකයක් ප්‍රභාසංස්ලේෂණය කරන බව අප දන්නා කරුණකි. මේ ස්වාභාවදර්මයේ නිර්මාණයන් කෙතරම් විශ්මිතද කියා සිතෙන කරුණක් මා පවසන්නම්....